නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහා කර තිබේ.
“සෞභාග්‍යය, නීතියේ පාලනය සහ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරන්නාවූ ද්වීපාර්ශවීය සබඳතාවක් අලුත් කරගැනීම සඳහා නව අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍යතුමා සමඟ සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තු වේ” යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
24










