නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය ඊයේ (08) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබේ.

මරණය දණ්ඩනය හිමිවූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකාමල්ලිගේ නමද එහි ඇතුළත්ව තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී දෙවන ස්ථානයට මනාප දිනාගත් අපේක්ෂකයා ය.

[pdf-embedder url=”https://lankatruth.com/si/wp-content/uploads/2020/08/9-වන-පාර-ලිමේන-තුවට-තේරී-පත්-වූ-මන්ත්‍රීවරු.pdf” title=”9 වන පාර ලිමේන තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු”]

Facebook
Twitter
LinkedIn