වසර 72ක පාලකයන්ගේ ණය ට්‍රිලියන 14යි – මාස 6කට ගෝඨා පමණක් ට්‍රිලියනයක් ණය අරන්

වසර 72ක පාලකයන්ගේ ණය ට්‍රිලියන 14යි – මාස 6කට ගෝඨා පමණක් ට්‍රිලියනයක් ණය අරන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව 2020 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් ට්‍රිලියනයක්, එනම් රු. කෝටි ලක්ෂයක් (1,000,000,000,000)ඉක්මවන මුදලක් ණය ලෙස ඉහළ පොලියට ලබාගෙන තිබේ. එම ණය මුදල ලබා ගැනීමට පෙර 1948 වසරේ සිට 2020 වසර දක්වා වූ වසර 72ක් තුළදීම මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප‍්‍රමාණය වන්නේ රුපියල් ට්‍රිලියන 14.15ක් හෙවත් කෝටි ලක්ෂය දාහතරකි (14,150,000,000,000)

මේ වසරේ ජනවාරි සිට ජුනි අවසානය දක්වා භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් මෙසේ රුපියල් කෝටි ලක්ෂයක ණය ලබාගෙන ඇති අතර, මීට අමතරව විදේශවලින් ඇමරිකානු ඩොලර් මිලියන 1,072ක් හෙවත් රුපියල් කෝටි 19,800ක් ණය ලෙස ලබාගෙන තිබේ. මේ අනුව වසරේ මුල් මාස 06 තුළ ලබාගෙන ඇති සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්ෂ දහනවදහස් අටසියයකි.

පසුගිය ජුනි 25 දින ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ‘වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප‍්‍රතිලාභ’ යන මාධ්‍ය නිවේදනය මගින් මෙම කරුණු අනාවරණය වේ.

මේ අතර මුදල් අමාත්‍යාංශය මගින් 2020 මාර්තු 23 වන දින නිකුත් කරන ලද පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය පිළිබඳ වාර්තාව මඟින් හෙළි කර තිබෙන්නේ මාර්තු සිට මැයි දක්වා වන මාස තුනක කාලය සඳහා රජයේ මුළු ආදායම රුපියල් කෝටි 42,000ක් වනවිට මුළු වියදම එමෙන් තුන්ගුණයක් වන බවයි. එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,22,900කි. එම මාස තුනට පමණක් රුපියල් කෝටි 80,900ක ණය ලබාගෙන තිබෙන බව එමගින් තහවුරු වේ.

ඉන්ද්‍රසිරි ජයසුන්ද ලංකා සතිඅන්ත ජාතික පුවත්පත

Facebook
Twitter
LinkedIn