“අපේ ජන බල පක්ෂයට” හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ දැඩි අර්බුදයක් හටගෙන තිබේ.
මේ වනවිට අතුරුදහන්ව සිටින එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන් විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත පසුගිය 07වනදා ලබාදී ඇත. එසේ ලිපියක් ලබාදුන් ඒ හිමියෝ මේ වනවිට ආගිය අතක් නැති බවත් ඒ හිමියෝ බොහෝවිට සැඟවී සිටිනවා විය හැකි බවත් වාර්තාවන එම පක්ෂයට සමීප තොරුතුරු අනුව පැවසේ.
කෙසේ වෙතත් එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන් පත්වීමට විරුද්ධව “අපේ ජන බල” පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ (08) මැතිවරණ කොමිසමට ගොස් අදාළ තෝරාපත්කර ගැනීම ගැටලු සහගත බවත් ඉදිරියේදී වෙනත් අයේකුගේ නමක් අදාළ මන්ත්‍රීධුරය සඳහා යෝජනා කරන බවත් පවසා ඇත.
ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමිගේ නම් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ආරංචිමාර්ග අනාවරණ කරයි.
කෙසේ නමුත් මේ වනවිට එම පක්ෂය විසින් විතාරන්දෙණියේ නන්ද හිමියන්ට සිය පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය ලබාදීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.










