කුරුණෑගල නගරාධිපති වහාම අත්අඩංගුවට ගන්න…

කුරුණෑගල නගරාධිපති වහාම අත්අඩංගුවට ගන්න…

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබියදීත් මෙතෙක් ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ප්‍රශ්න කරමින් මාලිමාව පක්ෂයේ කුරුණෑග දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අද (08) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා කුරුණෑගල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රණුක සංජන මහතා සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා එක්වී සිටි යහ.

පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා නාගරික කොමසාරිස්වරයා, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම මේ වනවිට කුරුණෑගල මහ‍ෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කරන ලදී.


 

Facebook
Twitter
LinkedIn