පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමූ නගරාධිපතිවරයා ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමූ නගරාධිපතිවරයා ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබේ.

නගරාධිපතිවරයාට අමතරව නාගරික කොමසාරිස්වරයා, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇත.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn