ශානි අබේසේකර ඇතුළු දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ශානි අබේසේකර ඇතුළු දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළැයි කියන චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ගම්පහ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා ලබන 20 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය යළි නියෝග කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත මොවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි පැවති විමර්ශනයේදී මෙලෙස ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළැයි ඔහුට චෝදනා එල්ල කර තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාව එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ වාස් ගුණවර්ධන මහතා විසින් ශානි අබේසේකර මහතාට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් ඔහුව බරපතල වැඩ සහිත වසර 5ක සිරදඬුවම් නියම විය.

Facebook
Twitter
LinkedIn