පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුළුමනින්ම මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කර තිබේ.
ගුවන් යානයකින් නිකවැරටිය ප්‍රදේශයට පැමිණ ඇති මහින්ද රාජපක්ෂ මහතා නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල මෙලෙස දහස් ගණනින් ජනතාව එක්රැස්කරමින් පොහොට්ටුව පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවට බපෑම් කර තිබේ.
අද (05) මැතිවරණයද පැවැත්වූ බැවින් ඡන් මධ්‍යස්ථාන අළට රැස්වී මෙලෙස කටයුතු කිරීම නීතිවිරෝධී ය.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් වන නිලන්ත බණ්ඩාම මහතා විසින් නිකවැරටිය පොලිසියටත් වෛද්‍ය වික්‍රමරත්න මහතා විසින් කොබෙයිගනේ පොලිසියටත් පැමිණිලි කර ඇති අතර මෙතක් නීතිය ක්‍රියාත්මක කර නැත.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකත් කර තිබේ.


110









