ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දිස්ත්‍රික්ක කිහිපයක සියයට 70 ඉක්මවයි

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දිස්ත්‍රික්ක කිහිපයක සියයට 70 ඉක්මවයි

නවවන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5.00ට අවසන් වුණි. ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි. මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885කි.

ඒ අනුව,

ගාල්ල 70%
මාතලේ 72%
නුවරඑළිය 75%
රත්නපුර 71%
පුත්තලම 64%
මහනුවර 72%
පොළොන්නරුව 72%
හම්බන්තොට 76%
අනුරාධපුරය 70%
මාතර 71%
මඩකලපුව 76%
වන්නි 73%
කළුතර 70%
ත්‍රිකුණාමලය 73%
දිගාමඩුල්ල 72%
කුරුණෑගල 65%
කෑගල්ල 70%
ගම්පහ 68%
කොළඹ 70%
බදුල්ල 74%
යාපනය 67%
මොනරාගල 75%

සමස්තයක් ලෙස ඡන්ද විමසීම ඉතාම සාමකාමීව පැවති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය.
කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

Facebook
Twitter
LinkedIn