සවස 2 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි

සවස 2 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි

දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් තිබේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ලබාදුන් තොරතුරුවලට අනුව ඇතැම් දිස්ත්‍රික්කවලින් අද (05) පස්වරු 02.00 වන විට සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද පස්වරු 02.00 වන විට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

කළුතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ද සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සඳහන් කළේය.

සවස 2 වනවිට ප්‍රකාශිත ප්‍රතිශතය

නුවරඑළිය 65%
කළුතර 60%
හම්බන්තොට 60%
මහනුවර 55%
ගාල්ල 55%
වන්නි 55%
රත්නපුර 55%
යාපනය 53%
කුරුණෑගල 57%
දිගාමඩුල්ල 55%
බදුල්ල 52%
මාතර 55%
මඩකලපුව 55%
පුත්තලම
ගම්පහ 53%
පොළොන්නරුව 55%
මාතලේ 58%
මොනරාගල 56%

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට ඇත්තේ තවත් පැය දෙකක වඩා අඩු කාල සීමාවකි.

Facebook
Twitter
LinkedIn