SF ලොක්කා මරුට

SF ලොක්කා මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කර තිබේ. අද උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 33 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

Facebook
Twitter
LinkedIn