සීෂෙල්ස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ දින 14ක් නිරෝධායනය වී සිටි හෝමාගම නියදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කොළඹ IDH රෝහළ වෙත ඇතුළත් කර තිබේ.
ඔහු සීෂෙල්ස් රාජ්‍යයේ නැවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇති අතර පසුගිය 11 වනදා මෙරටට පැමිණ හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව දින 14ක් නිරෝධායනයට ලක්ව පසුව නිවසට පැමිණ තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී මෙසේ උණ, හිසරදය, ඇතුළු රෝග ලක්ෂ මතුවී ඇත.
මජන සෞඛ්‍ය පරීක්ෂඛවරු විසින් මොහුගේ බිරිඳ, දියනිය දෙදෙනා ඔවුන්ගේ නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ පුද්ගලයා PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත ය.
11










