සම්පායෝ දිනකට රක්ෂිත බන්ධනාගාර ගකරයි

සම්පායෝ දිනකට රක්ෂිත බන්ධනාගාර ගකරයි

අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අද (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ඊයේ (02) කුරුණෑගල “ශාන්ත ආනා විදුහල අසළ දී පස්වරු 3.35ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ වෙතත් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් සැඟවා සිටීමෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නම කැතවන නිසා තමන්ම සිතාමාත පොලිසියට භාර වූ බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අතුළු වැරදිවලට අදාළව මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn