බන්දුල ගුණවර්ධන රටට බොරු කියනවා…

බන්දුල ගුණවර්ධන රටට බොරු කියනවා…

සේවක වැටුප් කප්පාදුව සඳහා වෘත්තිය සමිති හා කම්කරු ඇමතින්, හාම්පුතුන් එකඟව ඇති බවට ඊයේ (16) කැබිනට් තීරණ දැනුම් දීමේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් සිදු කළ ප්‍රකාශය අසත්‍ය ප‍්‍රකාශයක් බවත් එවැනි තීරණයකට අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක්ම විරෝධය පළ කළ බවත් සඳහන්ක රමින් අන්තර් සමාගම් සේවක සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහතින් පල වේ.

බන්දුල ගුණවර්ධන කැබිනට් ප‍්‍රකාශකගේ අසත්‍ය ප‍්‍රකාශය

ඊයේ (ජුලි 16 ) දින කැබිනට් තීරණ දැනුම් දීමේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් සේවක වැටුප් කප්පාදුව සඳහා වෘත්තිය සමිති හා කම්කරු ඇමතින්, හාම්පුතුන් එකඟව ඇති බවත්, ඒ අනුව එය සැප්තැම්බර් දක්වා ක‍්‍රියාත්මක කරන බවත් ප‍්‍රකාශ කරන ලදි. මෙම ප‍්‍රකාශය අසත්‍යකි.

පසුගිය ජුලි 08 වන දින ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වු අතර එහිදී මුලිකව සාකච්ඡා කළ කරුණ වුයේ පුද්ගලික අංශයේ සේවකයන්ට (#කොවිඩ්- 19 #Covid- 19 නිසා ක‍්‍රියාත්මක නොවන) තම වැටුපෙන් 50% ක් හෝ 14500/= ක් යන දෙකින් වැඩි අගය ගෙවීම ජුලි සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමයි.

මැයි හා ජුනි මාස තුල එය ක‍්‍රියාත්මක වීමෙදී හාම්පුතුන් බොහෝ අයතා ලෙස මෙම වැටුප් යෝජනාව ක‍්‍රියාත්මක කර තිබීම පිළිබඳ කරුණු පෙන්වා දෙමින් මෙම වැටුප් කප්පාදුව දීර්ඝ කිරීමට අනුමත නොකරන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී ඉල්ලා සිටින ලද අතර යෝජනාවට විරෝධය පළ කරන ලදි. එය වාර්තාගත කරන ලදි.

තවත් වෘත්තීය සමිති කිහිපයක්ම අපගේ ස්ථාවරය ගන්නා ලදි. ඒ අනුව බන්දුල ගුණවර්ධන වැටුප් කප්පාදුව දීර්ඝ කිරීමට වෘත්තිය සමිති සියල්ල එකඟ වු බව පැවසීම අසත්‍යකි.

ස්තූතියි.

මෙයට,
නීතීඥ ජානක අධිකාරී
ප‍්‍රධාන ලේකම්
අන්තර් සමාගම් සේවක සංගමය.

Facebook
Twitter
LinkedIn