බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
වැලි ප්‍රවාහනය කිරීම සඳහා තිබු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ඉකුත් දා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉකුත් දා ඉදිරිපත් කළ පෙත්සම අද (17) සලකා බැලීමෙන් අනතරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදුකර ඇත.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩලය සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ තිබූ බලපත්‍ර ක්‍රමය තවමත් එලෙසම පවතින බව සඳහන් කර තිබේ.
එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයිද ඔහු අධිකරණයට අවධාරණය කර ඇත.
ඒ අනුව වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ අනුගමනය කළ යුතු බලපත්‍ර ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට අභියාචන අධිකරණ විසින් නියෝග කර තිබේ.
එමෙන්ම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් පොලිස්පතිවරයාට කර ඇත.
පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන ඔක්තෝම්බර් මස 19 වනදා යලි කැඳවීමට නියමිත ය.










