හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
එම පොලිස් නිලධාරීන් 41 දෙනා අතර හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙකු සහ හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සිටිති.
ඊට අමතරව කොරෝනා වෛරසය වැලඳී සිටින පොලිස් කොස්තාපල්වරියගේ සමීපතමයින් 30 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මෙම පොලිස් කෝස්තාපල්වරියගේ පුතෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන අතර ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
7










