නීතිමය රැකවරණයක් නැහැ… කොරෝනා පාලන රාජකාරියෙන් PHIවරු ඉවත් වෙති…

නීතිමය රැකවරණයක් නැහැ… කොරෝනා පාලන රාජකාරියෙන් PHIවරු ඉවත් වෙති…

නීතිමය රැකවරණයක් නොමැතිවීම හේතුවෙන් අද (17) දහවල් 12.30 සිට කොරෝනා හෙවත් කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.

හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

කොවිඩ්-19 පාලනයට අදාළව මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් පත්‍රය අද දිනය තුළ නිකුත් කිරීම සඳහා කටයුතු කරන බවත්, මහජනතාව පීඩාවට ලක්වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා බලය ලබා නොදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කළ ප්‍රකාශය පිළිබඳව සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Facebook
Twitter
LinkedIn