නැගෙනහිර ජැටිය විකිණිමේ සහයෝගිතා ගිවිසුම වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරන බවත් එසේ නොවන්නේනම් ඉදිරියේදි ගොඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන වරාය සේවකයින් විසින් ආරම්භ කරන බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (17) පැවති මාධ්‍ය හමුවක දී අවධාරනය කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා…
“පහුගිය ආණ්ඩුව විසින් මෙම ජැටිය සම්බන්ධව සහයෝගිතා ගිවිසුමක් අත්සන් කලා. ඒකේ ඇතුළත් වෙලා තියෙනවා මාස 3කින් පසුව අවසන් ගිවිසුම දක්වා යනවා කියලා. අපි මේ සම්බන්ධව නඩුවක් ගොනුකලා. ඒ නිසා මේ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙනයන්න බැරි වුනා.
වරාය කොටස්වලින් 48%ක් ජපානයටත් 51%ක් ලංකාවටත් අයිතිකාරිත්වය මෙම ගිවිසුම හරහා තිබ්බා. මේ වනකොට ආණ්ඩුව එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා ජොන්ස්ටන් ඇමතිවරයා විසින් පිඹුරුපත් සකසනවා.
ආණ්ඩුව හොර කැබිනට් පත්‍රිකා මගින් නැගෙනහිර පර්යන්තය විකුණන්න මේ වනකොට මාන බලනවා.
ඒ නිසා රනිල්+මෛත්‍රි ගෙනා මේ ගිවිසුමත් ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න හදන මෙම ගිවිසුමට එරහිව පෙලගැහේනන ඕන. වත්මන් ගොඨාභය ආණ්ඩුව ඉරාදමනවා කියපු මේ ගිවිසුමට අද වනකොට කැබිනට් පත්‍රිකා පවා ඉදිරිපත් කරනවා.
ජනතාව මේ විදියට මුලා කරමින් රාජ්‍ය සම්පත් විකුණන්න එපා. ඉදිරි අනාගතයට මේ ධනය ඉතුරු කරන්න අවශයයි. ඒ නිසා අපි කියනවා මේ බොරු කයිවාරු නවත්තලා පොරොන්දු ඉටුකරන්න උත්සහ කරන්න.
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා නැගෙනහිර පරයන්ත්‍රය ඉදිකිරි එය ශ්‍රී ලංකා රජය විසින් පරිහරනය කරන පර්යන්තයක් ලෙස පොරොන්දුව ලිඛිතව ලබා දෙන්න ඕන. එසේ නොවන්නේනම් අපි මේ ආණ්ඩු පලවා හරින්න කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.”










