පොල්තෙල් හොරෙන් ආනයනය කරලා

පොල්තෙල් හොරෙන් ආනයනය කරලා

කොවිඩ්-19 වසංගතයත් සමග ආනයන භාණ්ඩ සීමා කිරිමට ආණ්ඩුව ක්‍රියාකළ අතර පොල්තෙල් මෙට්‍රික් ටොන් 63ක් කිසියම් බලවතෙකුගේ මැදිහත්වීමෙන් ආනයනය කර තිබෙන බව හෙළි වේ.

එක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 1,075කට ගෙන්වා තිබෙන අතර මුළු පොල්තෙල් තොගයේ වටිනාකම ඇමරිකන් ඩොලර් 67,725කි. මෙරට භාවිතා වන මුදලින් එය රුපියල් 12,529,125 පමණ වේ.

මෙම ආනයනය සම්බන්ධව රේගු නිලධාරීන්ටත් කරුණු වසංකර තිබේ. මෙම මස පළවෙනි දින මීට අදාලව ඉන්වොයිසිය නිකුත් කර ඇති අතර පසුගිය 14 වෙනි දින පොල්තෙල් තොගය නිදහස් කර ඇත.

එහෙත් මේ සම්බන්ධයෙන් රේගු කාර්යමණ්ඩලය දැඩි විරෝධයක් පල කරන අතර මෙය පොල්තෙල් ජාවාරමක මූලාරම්භය විය හැකි බවට අනතුරු අඟවති.

Facebook
Twitter
LinkedIn