කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් රට වැසියාගේ පහසුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු සහ සැමන්වල මිල අඩු කිරීමට නියම කළේය.
ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65කටද සැමන් ටින් එකක් රුපියල් 100කටද අලෙවිකළ යුතවේ.
රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විදිවිධාන ගැනීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන්වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය.
කෙසේ වෙතත් සැමන් සම පරිප්පුවල මිල අඩුකිරීමත් සමග වතුකරයේ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වෙමින් වෙළඳසැල් අසග දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබේ.
සංචාරක කර්මාන්තයේ වැඩි ඉඩක් වතුකරය ආශ්‍රිතවද පවතින අතර මෙලෙස එම ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවීම කොරෝනා වෛරසයට පැතිරයමින් තිබෙන තත්වයක් තුළ ඉතාමත් අනතුරුදායක ය.
පසුගිය දිනවල කොරෝනා අවධානම හේතුවෙන් බොහෝ ජනතාව සුරි වෙළඳසැල් සහ සාමාන්‍ය සිල්ලර වෙළඳසැල්වලට ඒකරාශී වෙමින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත් නමුත් පසුව එම තත්වය පහව ගියේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෙනත් සංවිධානවලද මැදිමත්වීමෙන් සිදුකළ ජනතාව දැනුවත්කිරීම් හේතුවෙනි.
එහෙත් සැමල් සහ පරිප්පු මිල අඩු කිරීමත් සමග වතුකරයේ ජනතාව වෙළඳසැල්වල පෝලිම්ගැසෙමින් සිටින අනතුරුදායක තත්වය දක්නට ලැබේ. මෙලෙස ජනතාව ඒකාරශීම කොරෝනා පැතිරයාමටද රුකුළක් වේ.
කොරෝනා තත්වයෙන් පසු යළිත් පරිප්පු සහ සැමන් මිල ඉහළ යනු ඇතැයිද මෙම ජනතාව අතර මතයක් තිබේ.










