ඉතාලියේ සිට පැමිණි නිරෝධායනය නොවු 58ක් කල්පිටියෙන් හඳුනා ගනිති

ඉතාලියේ සිට පැමිණි නිරෝධායනය නොවු 58ක් කල්පිටියෙන් හඳුනා ගනිති

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 01 සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 58ක් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි.

එක් එක් ග්‍රාමසේවා කොට්ඨාසයන්වල සිදුකරන ලද ගවේෂණවලින් පසු මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙසේ පැමිණ සිටින බොහෝ ඉතාලි ශ්‍රමිකයින්ගේ පවුල්වල බිරිඳ හා දරුවන් පමණක් මෙරටට පැමිණ ඇති බව හෙළි වී ඇත.

මෙම පුද්ගලයින්ගේ පදිංචි ස්ථාන කරා ගොස් ඔවුන් පෞද්ගලික දැනුවත් කළ බවත් ස්වයං නිරෝධායනය සදහා උපදෙස් සැපයූ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn