කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම තිබියදී වුවද මැතිවරණය පවත්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ස්ථිර බවත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පවසන්නේ මැතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය පදනම මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති කර ඇති බවයි.
ගාල්ලට හිමි මන්ත්‍රීධූර 09න් 07ක් නිසැක වශයෙන්ම පොදුජන පෙරමුණ ලබාගන්නා බවද ඒ මහතා පැවසී ය.
ජනාධිපතිවරයා විසින් මේ යන ගමන පිළිබඳ සතුටු වු විශාල සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේ දී එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට සහය දක්වන බවද ඒ මහතා පැවසී ය.
අවම වශයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර 140ක් පමණ ලබා ගත හැකි බවත් පැවසු ඒ මහතා තුනෙන් දෙකක බලයක් ස්ථිර වශයෙන්ම හිමි කර ගත හැකි බවත් කියා සිටියේ ය.
මේ වනවිට රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් තිබෙන අතර ඉදිරි මහ මැතිවරණය කල්දමන ලෙස ආගමික නායකයන්, විවිධ සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන වැනි බොහෝ පිරිසක් ඉල්ලීම් කරද්දීත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරු, තමන් ජය ගන්නා බව කියමින් මෙලෙස හැසිරීම සම්බන්ධයෙන් බහුතරයක් ජනතාව තුළ මේ වනවිටත් අප්‍රසාදය ගොඩනැගී තිබේ.
මේ වනවිට කොරෝනා වෛරසය පැතිරයන බොහෝ රටවල්ද මෑතකදී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ බොහෝ කාලයකට කල් දමා ඇති අයුරුද දක්නට ලැබේ. ආණ්ඩුවක් පිහිටුවාගැනීමට නොහැකිව දේශපාලන අර්බුදයක සිටින ඊශ්‍රායලය වැනි රටවල් සියලුම පක්ෂ එකතුකර කොරෝනා මර්ධනය කිරීම සඳහා ජාතික ආණ්ඩු පිහිටුවීම වැනි ක්‍රියාමාර්ගවල නියැලෙන අයුරුද ද්කනට ලැබේ.










