කපිල චන්ද්‍රෙස්න සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

කපිල චන්ද්‍රෙස්න සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔවුන් දෙදනා අද (06) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සෙවයට එයාර් බස් සමාගමෙන් ගුවන්යානා ඇනවුම් කිරීම සඳහා ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ඉල්ලා එයින් ඩොලර් මිලියන 02ක් (රු. මිලියන 362ක්) ලබාගැනීමේ සිද්ධිය මත සහ මුදල් විශූද්ධිකරණය කරන සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි චෝදනා එල්ලවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්