සිංගප්පූරු ගිවිසුමත් MCC අඩිපාරේම

සිංගප්පූරු ගිවිසුමත් MCC අඩිපාරේම

පසුගිය ආණ්ඩුව සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වත්මන් ආණ්ඩුවද අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

නීතිපතිවායා මේ බව දන්වා ඇත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද (06) විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ආණ්ඩුව යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දී අත.

ඒ අනුව අදාළ පෙත්සම් ජූලි මස 13 වනදා යළි කැඳවීමට නියෝග කර ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට නියෝග කර තිබේ.

ඉකුත් ආණ්ඩුව සමයේ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක්ද ලබාගෙන නොමැති නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පසුගිය දින 56 කුමන්ත්‍රණ ආණ්ඩුව සමයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා එකළ සඳහන් කර සිටියේ කිසිම හේතුවක් මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්