අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මොවුන් අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවී මෙනස් පසු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසුවය.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සෙවයට එයාර් බස් සමාගමෙන් ගුවන්යානා ඇනවුම් කිරීම සඳහා ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ඉල්ලා එයින් ඩොලර් මිලියන 02ක් (රු. මිලියන 362ක්) ලබාගැනීමේ සිද්ධිය මත සහ මුදල් විශූද්ධිකරණය කරන සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි චෝදනා එල්ලවී ඇත.
ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මගින් පසුගිය 03වනදා වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.










