මාතලේ විල්ගමුව ප්‍රදේශයේ හීංගග ජල ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 2016 වසරේ දී ය.මෙහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේ වුවත් මේ වන විට මෙහි වැඩ අතරමග නවතා තිබේ.
මෙම ව්‍යාපෘතිය ජලසම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ C.M.L.-MTD CONSTRUCTION LTD. නම් පෞද්ගලික ආයතනය වෙත කොන්ත්‍රාත් පදනම යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට අවසර ලබා දී ඇත.මෙ සදහා රුපියල් මිලියන 3581ක් ඇස්තමේන්තූ කර ඇත.
මේ වනවිටත් විල්ගමුව ප්‍රදේශයේ වකුගඩු ආසාදිතයන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර ඔවූහු පිරිසිදු ජල නොමැතිව බොහෝ සේ පීඩාවට පත්ව සිටිති. අගෝස්තු මාසය පමණ වනවිට අදික පෑවිල්ල නිසා මෙම ප්‍රදේශවල ජනතාව වතුර සොයා බොහෝ දුරක් යා යුතු වේ. මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 12,000ක පමණ ජනතාවකට ජල අවශ්‍යතාවය සැපිරෙන අතර එවැනි වටිනා ව්‍යාපෘතියක් බලදාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා අද වනවිට අතරමග නතර වී ඇත.
කෙසේ වෙතත් මෙම ගැටළුවට මේ වනවිටත් කිසිදු වගකිව යුතු බළධාරියෙක් මැදිහත් වී නොමැති තත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය සදහා අද (05) ජාතික ජන බලවේගේ ලග්ගල ආසන සංවිධායක හා ලග්ගල ජන අයිතීන් සුරැකීමේ සංවිධානේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති විජයරත්න බංඩා මහතාත් ජනතා විමුක්ති පෙරමුණේ විල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා සහ මහා සංගරත්නය මෙන්ම ප්‍රදේශ වාසින් පිරිසක් සහභාගී වන ලදී.
එහිදී මාධ්‍ය අමතමින් විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය අතර මග නතර කිරීම නිසා මහජන ධනය විසාල ලෙස අපතේ ගොස් ඇති අතර මේ පිළිබඳව වගකිව යුතු බලධාරීන් වහා මැදිහත් වී විසදුම් ලබා දිය යුතු බවයි. එසේ නොකරන්නේ නම් ප්‍රදේශයේ ජනතාව සමග ඉදිරියේදී දැවැන්ත විරෝධතා ක්‍රියාමර්ග ගන්නා බවට විජයරත්න මහතා අවධාරණය කරණ ලදී. මෙහි දී ප්‍රාදේශිය සභා මංත්‍රී නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා හා මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශයේ ජනතාව මාධ්‍යට අදහස් දක්වන ලදී.


























