පොහොට්ටු පක්ෂයට බලය හිමි තංගල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහායෙන් ජයග්‍රහණය කර තිබේ.
අද (20) සභාවේදී අයවැය සම්මතකරගැනීමට යාමේදී ඒ සඳහා ඡන්දයක් විමසියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රකාකර තිබේ. එම ඉලලීම අනුව ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර අයවැයට පක්ෂය ඡන්ද 21කුත් විරුද්ධව ඡන්ද 04කුත් ලැබී තිබේ.
ඒ අනුව අයවැයට පක්ෂය පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුද ඡන්දය ප්‍රකාශ කර ඇති අතර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 04දෙනා පමණි.
36










