“20 සම්මත කර ගත හැකි ඉඩක් පවතිනවා”

“20 සම්මත කර ගත හැකි ඉඩක් පවතිනවා”

පවතින දේශපාලන වාතාවරණය හමුවේ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ඉඩකඩක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා ගුවන්විදුලි නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ම් මහතාගේ නමින් 20වන ආණ්ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එය ඉදිරියේදීද න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමටද නියමිතය.

හඬපටය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්