අ/පුර University Collage සිසූහු විරෝධතාවක

අ/පුර University Collage සිසූහු විරෝධතාවක

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතන සිසූහු අද (07) දින උද්ඝෝෂණයක නිරතවූහ.

ඒ විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ උසස් අධ්‍යාපන සම අයිතිය තහවුරු කරන ලෙස පාලකයින්ට බලකරමිනි.

තවද මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 දෙනෙක් අසාධාරණ ලෙස සිරගත කිරීමට විරෝධය පලකිරීම හා මෙවර අයවැයෙන් විශ්වවිද්‍යාල විද්‍යායතන පිලිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

අනුරාධපුර කොලීජිය සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම, නේවාසිකාගාර නොමැතිවීම, ප්‍රායෝගික පුහුණු වැඩබිම් ප්‍රමාණවත් නොවීම ඇතුළු අධ්‍යයන හා සුභසාධන ගැටලු රාශියක්ද පවතින බව සිසූහු පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn