පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශ කර තිබේ.
පසුගිය කාලසීමාව තුළ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු ෆේස්බුක් හරහා අනාවරණය වූ බවත් එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම වෙත චෝදනා එල්ලවූ බවත් ඒ පිළිබඳ තම කණගාටුව පලකරන බවත් සකර්බර්ග් පවසයි.
එම ගැටළු නිරාකරණය කිරීමට මේ වනවිට දැඩි අවධානයක් යොමුකර ඇති අතර ඉදිරියේදී ෆේස්බුක් ජාලයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට ද සූදානම් බව ඔහු පවසා තිබේ.
8










