සන්ධාන මන්ත්‍රී කෙළෙසූ එතෙර කත කතාකරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් තංගල්ලේ හෝටලයකදී පසුගිය 2011 නත්තල් දින මරා දැමූ තම පෙම්වතා වූ 32 හැවිරිදි කුරාම් ෂයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතියට අත් වූ ඉරණම ගැන පළමුවරට ඇය ප්‍රකාශයක් සිදුකර ඇත.

මරාදැමුණු කුරාම් රතු කුරුස සේවකයෙකි.

පෙම්වතිය වූ 24 හැවිරිදි වික්ටෝරියා ටිකවේවා එදා සිද්ධිය විස්තර කරමින් මැර කල්ලියක් තමා කෙළසූ ආකාරය විස්තර කර තිබේ. 2009 දී කුරාම් හමුවූ ආකාරයත් තංගල්ලේ නේචර් රිසෝර්ට් හෝටලයට පැමිණි ආකාරයත් ඇය සඳහන් කර ඇත. කුරාම් මියගිය බවද, තමා නිරුවත් කර කාමරයකදී කෙළෙසූ බවද සිහිපත් කළ ඇය තමන්ට සාධාරණය ඉෂ්ඨ වේ යැයි නොසිතන බවද කියා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු පිරිස මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්කර සිටී.

ආශ්‍රිත පුවත්

තංගල්ල පෙරෙට්ටුව රාත්‍රී දහය වනතුරුම

චන්ද්‍රපුෂ්ප ඇතුළු සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

විදේශිකයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය ගැන සංචාරකයින් පිරිසක් ජාත්‍යන්තර මාධ්‍යට තොරතුරු හෙළි කරයි

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පොලීසියට භාරවේ

සංචාරකයා ඝාතනය කළ රාජපක්ෂ පවුලේ හිතවතා මෙන්න

මන්තී‍්‍රවරයෙකු අතුළු පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් විදේශිකයෙකු මරුට

Facebook
Twitter
LinkedIn