මන්තී‍්‍රවරයෙකු අතුළු පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් විදේශිකයෙකු මරුට

මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයකදී ඊයේ (24) රාති‍්‍රයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහිදි වෙඩිතැබීමක් ද සිදුව ඇති බව සඳහන් පැවසේ.

සිද්ධියට තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ විදේශිකයාගේ බිරිඳට ප‍්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් අශෝභන විහිළු තහළු සිදුකර ඇති බවත් ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරී ඇති බවත් වාර්තා වේ.

විදේශිකයා මෙම පිරිසට තම අප‍්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස්වීමක් සිදුව තිබේ.

මියගිය විදේශිකයා මියයාමට හේතුව වෙඩි ප‍්‍රහාරයක් ද නොඑසේනම් පහරකෑමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ විදේශිකයාගේ බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn