චන්ද්‍රපුෂ්ප ඇතුළු සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනා අද(05) හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරෙයි.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු  සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව ඉදිරිපත්කිරීමට නියමිතය.

සාක්ෂිකරුවන් 14 දෙනෙකු අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරෙන අතර සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පෙරට්ටුව රහසිගතව පැවැත්වීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වැනිදා තංගල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වූ අතර තවත් ‍රුසියානු ජාතික කාන්තාවක් බරපතල ලිංගික අපයෝජනයට ලක්ව තුවාල ලැබුවාය.

Facebook
Twitter
LinkedIn