සෞදි අරාබියේ මරණ දඩුවම නියම වී සිටින රිසානා නෆීක් විදේශගත කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් දෙදෙනෙකු කොළඹ මහාධිකරණය හමුවේ හඳුනා ගැනුණි.
රිසානා නෆීක්ගේ මව විසින් අදාළ විත්තිකරුවන් හඳුනා ගැනුණු බව සඳහන්ය.
අදාළ විත්තිකරුවන් දෙදෙනා තම දියණිය සෞදි අරාබියට යැවීම සඳහා උපකාර කළ බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ කියා සිටියාය.
විදේශගත වන විට තම දියණිය 17 වැනි වියේ පසුවූ බව ද සාක්ෂිකාරිය කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළාය.
ඒ වන විට ඇය සතුව ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොතිබූ බව සාක්ෂිකාරිය පැවසුවාය.
5









