නුගේගොඩ 07කණුවේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ලංකා විදුලි පෞද්ගලික සමාගමට (ලෙකෝ) අද (22) දහවල් 13.30ට පමණ ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එහි අය කැමියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 13ක මුදලක් පැහැරගෙන ගොස් තිබේ.
මංකොල්ල කරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය පරීක්ෂණ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශකරයි.
කොල්ලකරුවන් අවි අමෝරාගෙන අයකැමිවරු දෙදෙනකු ළඟට ගොස් ඔවුන්ගේ ලාච්චුවල තිබූ මුදල් පැහැරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද පැවසේ.
Views: 0









