ප්‍රෙට්‍රල්, ඩීසල් මිල යළි පහළට

ප්‍රෙට්‍රල්, ඩීසල් මිල යළි පහළට

පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ.

ඒ අනුව රුපියල් 125ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වාත්, රුපියල් 149ක් තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් දක්වාත් අඩු වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 සිට රුපියල් 99ක් දක්වාත්  අඩු කර ඇත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 118ක් දක්වා රුපියල් තුනකින් අඩු කර තිබේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල සංශෝධන සිදු කෙරුණු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

ඊට සමගාමීව එම මිල ගණන්වලින්ම තමන් බෙදා හරින ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට ලංකා ඉන්දිනයන් ඔයිල් සමාගමද කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn