ජාතික විද්වත් සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් සමුළුව පසුගිය 26වනදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවනාගාරයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය අනුව වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් එසේ උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේදී ගතානුගතික, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් මිදී විකල්ප ධාරාවක දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාවයත් එම සමුළුවේදී අවධාරණයට ලක් වී තිබේ.
මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහතුවරු ඇතුළ පිරිසක් එහිදී අදහස් දැක්වූහ.




























