රවීන්ද්‍ර විජේගුණරත්නගේ නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

රවීන්ද්‍ර විජේගුණරත්නගේ නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සම්බන්ධ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙන නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ශරීර ආරක්ෂකයින් විසින් අධිකරණ භූමියෙන් පිටතදී පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොළට පැමිණිල්ලක් කර ඇති අතර එම අවස්ථාවේදීම පහරදීම සම්බන්ධයෙන් ශරීර ආරක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද (28) උදෑසන කැඳවු නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී එතැන සිටි මාධ්‍යවේදීන්ට මෙලෙස පහර දී තිබේ.

Facebook
Twitter
LinkedIn