ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (28) දින ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 182.27ක් ලෙසද ගැණුම් මිල රුපියල් 178.32ක් ලෙසද සටහන් වී තිබේ.
2018 වසර ආරම්භයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 155.23ක් ලෙසින් සනිටුහන් වූ අතර ඩොලරය ඉහළ යමින් රුපියල බාල්දුවීම සම්බ්නධයෙන් එකළ අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සඳහන් කර සිටියේ තමන් බලයට පැමිණියහොත් රුපියල බල්දුවීම පාලනය කිරීමට වැඩපිළිවෙලක් ඇති බවය.
කෙසේ නමුත් මහින්ද රාපක්ෂ මහතාට නීති විරෝධී ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය ලබා දෙන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 174ක්ව තිබූ අතර ඔහු නීති විරෝධීව බලයට පැමිණ ගතවූ දින 33 ඇතුළත රුපියල් 09කට ආසන්න ගණනකින් රුපියල අව ප්‍රමාණය වී තිබේ.
රුපියල කඩා වැටීමට මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයද ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉදිරියේදී දැඩිව බලපානු ඇති බවත් ආර්ථික විශලේෂකයෝ සඳහන් කරති.










