ඩොලර් නිදහස් කිරීමේදී මහින්ද ජාත්‍යන්තර එකඟතාවයන් දැඩි ලෙස බිඳ දමලා

ඩොලර් නිදහස් කිරීමේදී මහින්ද ජාත්‍යන්තර එකඟතාවයන් දැඩි ලෙස බිඳ දමලා

මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ඇමරිකානු ඩෝලර් 53,455ක් මෙරටින් පිට කිරීමට තැත් කිරිමේදී අත්අඩංගුවට ගත් ඉරාණ ජාතිකයෙකුට එම මුදල් වහාම නිදහස් කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ නියෝගය මගින් මෙරට පිලිගත් නීතිය හා ජාත්‍යන්තර එකඟතාවය දැඩි ලෙස කඩා බිඳ දමා ඇතැයි වාර්තා වේ.

මෙම ලිපිය Lanka Truth වෙබ් අඩවිය මගින් මුලින්ම හෙළිදරව් කළ අතර ඉන්පසු එය සමාජාල ඔස්සේද වෙනත් වෙබ් අඩවි ඔස්සේද ප්‍රචාරය වන්නට විය.

එම ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂවාදින් මහින්දගේ නියෝගය දැනුම් දුන් ලේඛනය කූට ලේඛනයක් බවත් සාවද්‍ය ප්‍රවෘත්තියක් බවටත් ගෙන හැර පාමින් මඩ ගහනවා යැයි දෙස් දෙවොල් තැබීමට පටන් ගෙන තිබිණි. එහෙත් දැන් සිද්ධිය ඇත්ත බව මහින්ද නිල වශයෙන්ම පිළිගෙන තිබේ.

අදාල සිදුවීම අනුව, උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයකු තමන්ගෙ වැ‍ටුප ලෙස එම මුදල ඉරානයට රැගෙන යෑමට උත්සහ කර තිබේ. ඔහු එවන් මුදලක් රැගෙන යන බව රාජතාන්ත්‍රිකව රේගුව දැනුම්වත් කිරීමක් සිදුකර නැත. එමෙන්ම ඇමරිකාව හා ඉරාණය අතර පවතින විරසකය නිසා ඉරාන ජාතිකයන්ට ඩෝලර් ගනුදෙනු කිරීම තහනම් කර ඇත. එය එක්සත් ජාතීන්ගේද අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන්නක් වන අතර එම සම්බාධක ශ්‍රිලංකාවද පිලිගෙන ක්‍රියාත්මක කරන නීතිමය ප්‍රතිපාදනයකි.

එහෙත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස එම ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කරමින් සානුකම්පිත හේතු මත යැයි කියමින් මෙම මුදල නිදහස් කිරීමට රේගුවට නියෝග කර තිබේ.

එමෙන්ම මෙරට ආගමන විගමන නීතිය අනුව එවැනි මුදලක් රාජසන්තක කළ පසු එය නිදහස් කරගැනීම සඳහා අදාළ පුද්ගලයාට අභායාචනා කළ හැක්කේ මාසයක් ඉක්ම යාමට මත්තෙනි. ඉන් පසුව ඔහුට අදාළ මුදල් නිදහස් කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට එළීමට සිදුවනු ඇත.

කෙසේ නමුත් මෙම ඉරාන ජාතිකයාට අදාළ යැයි පැවසෙන ඇමරිකානු ඩෝලර් 53,455ක මුදල් මෙරට රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2017 වසරේදීය. මෙම මාසයේ එනම් 2018.11. 20වනදා හෝ ඒ ආසාන්න දිනක එම මුදල් අදාළ ඉරාණ ජාතිකයාට නිදහස් කර ඇත. ඒ අනුව අනිවාර්යයෙන්ම මෙම මුදල් රාජසන්තක කර මාසයක් ඉක්මවා ගොස් ඇත. බොහෝ දුරට වසරක්ද ගතවී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැති මෙන්ම මුදල් ඇමති බවට පත්වූ ආකාරයද සාදාචාර සම්පන්න සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බැවිනුත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඔහු කෙරෙහි නොතිබෙන බැවිනුත් ඔහුගේ නීත්‍යානුකූලභාවය පිලි ගැනීමට නොහැකි බව මේ වනවිට පාර්ලිමේන්තුවද ප්‍රකාශ කර ඇත.

එවන් තත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට ආගමන විගමන නීතියත්, රජාත්‍යන්තර එකඟතාවයනුත් කඩ කරමින් මෙම මුදල් නිදහස් කිරීමට කටයුතු කිරීම බරපතල සැකයකට තුඩු දී තිබේ.

Facebook
Twitter
LinkedIn