ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු මෙහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
පාසල් සිසුන් ඇතුළු තරුණයන් එකොළොස් දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි රැසක් ලබා දුන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා ට පහර දීම සහ ජීවිත තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුහමුවේ පෙනී සිටින ලෙස කළ දැන්වීම නොතකා හැරීම සම්බන්ධයෙන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.










