නීතිවිරෝධීව ඩොලර් පිට කිරීමට තැත් කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මහින්දගෙන් රේගුවට බලපෑම්

නීතිවිරෝධීව ඩොලර් පිට කිරීමට තැත් කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මහින්දගෙන් රේගුවට බලපෑම්

රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්, නීති විරෝධී ලෙස මෙරටින් ඩොලර් තොගයක් රැගෙනයාම සූදානම් වූ ව්‍යාපාරිකයෙකු වහාම නිදහස් කරන්නැයි දන්වමින් නීති විරෝධී ආණ්ඩුවේ අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත ලිඛිතව නියෝග කර තිබේ.

අලි රිසාසද් මෝෆ් නැමැත්තා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක් මුදලක් සමග අත්අඩංගුවට ගෙන එම මුදල් රාජසන්තක කර BIA/D/CASE/128/2017 යන අංකය යටතේ රේගුව විසින් නඩු පවරා ඇත.

නීතිවිරෝධී ආණ්ඩුවේ අගමැති මෙන්ම මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා “රේගු ආඥා පනතේ 164 වැනි වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මා, රාජසන්තක කරන ලද ඇමෙරිකා එක්සත් ජානපද ඩොලර් 53,455ක මුදල ආපසු බාරදීමට නියෝග කරමි” යනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා අමතා පසුගිය 19 වනදා ලිඛිතව මෙම නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn