නීතී විරෝධී ආණ්ඩුවෙන් රුපියලට හාස්කමක් කරයි

නීතී විරෝධී ආණ්ඩුවෙන් රුපියලට හාස්කමක් කරයි

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලයේ සඳහන් කර සිටියේ රුපියගේ අගය වැඩි කර රුපියල බාල්දුවීම නතර කිරීමේ සූත්‍රය තමන් දන්නා බැවින් තමන් බලයට පැමිණි වාහාම රුපියලේ අගය වැඩි කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නීති විරෝධී ආණ්ඩුව බලයට පැමිණ අද වනවිට මාසයක් ගත වන නමුත් රුපියල් සීග්‍රයෙන් බල්දුවෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn