පාර්ලිමේන්තුවේ ගැටුම් විමර්ශනයට නීතිපති උපදෙස් පතයි

පාර්ලිමේන්තුවේ ගැටුම් විමර්ශනයට නීතිපති උපදෙස් පතයි

පසුගිය දා පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

පසුගිය දා ඇතිවූ කළහකාරී තත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ විනය කඩ කිරීම්, පොදු දේපල හානි කිරීම් සහ පහරදීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි 5ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම පැමිණිලිවලින් 4ක් වැලිකඩ පොලීසියට ද එක් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ද ලැබී තිබේ.

පැමිණිලි විමර්ශනය සඳහා පසුගිය දා කතානායකවරයාගේ අවසරය හිමිවූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ආරක්ෂිත කැමරා දර්ශන පොලීසිය සතුව ඇති බවත් ඒ ආශ්‍රයෙන් එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට කටයුතු කරන බවත්ය.

Facebook
Twitter
LinkedIn