ජනතා වාදී පාලනයක් වෙනුවෙන් ගාල්ලේදීත් විද්වතුන් පෙළ ගැසෙති

ජනතා වාදී පාලනයක් වෙනුවෙන් ගාල්ලේදීත් විද්වතුන් පෙළ ගැසෙති

ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ (23) ගාල්ල සමෝද උත්සව ශාලාවේදී පවත්වන ලදී.

මෙහිදී රුහුණු මාගම්පත්තුව ඇතුළු ගාල්ල, මාතර දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, අංකොක්කාවල ශ්‍රී සුමංගලාරාමාධිපති මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද නා හිමි, විවෘත්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිණී අමරසූරිය මෙනවිය, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ ගුණසේකර මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමුළුව ඇමතූහ.

ඩොමිනික් සමීර පියතුමා, සර්වනන් ශර්මා කුරුක්කල් තුමා, මවුල්වි මොහොම්මඩ් අල්හාජ් තුමා, මව්ලවි මොහොමඩ් ෆයිරූස් තුමා, ජාතික විද්වත් සංවිධානයේ ජාතික විධායක කමිටු සාමාජික කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා,ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් විද්‍යාවේදී අසංග ධර්මදාස මහතා, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති කමිටු සාමාජික, පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම්, සිරිසෝම රුබසිංහ මහතා, හිටපු සමාගම් රෙජිස්ටාර් ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් උප සභාපති, ඩී.කේ හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් එන්.ඒ. ආරියවංශ මහතා, ගාල්ල කළුවැල්ල වෙළඳ සංගමයේ හිටපු සභාපති ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් භාණ්ඩාගාරික කළුවැල්ල නදීකා ජුවලර්ස් අධිපති ඩබ්ලිව්. අතුකෝරල මහතා, වෛද්‍ය කුමාරි නැලිගමගේ මහත්මිය, ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික නීතීඥ කුසුම් කමල මහත්මිය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික මහමෝදර රෝහලේ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කමිටු සභික වෛද්‍ය ජී.වී සුමිත් මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය ශම්මික ලියනගේ මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ අංශාධිපති,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.වී.ඒ හේමන්ත කුමාර මහතාට, සමස්ත ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සභාපති, ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික කරාපිටිය රෝහලේ වෛද්‍ය ජගත් මහානාම මහතා, ඒ.වයි සංචාරක සමාගමේ උපදේශක, රිස්මි ෆාහීර් මහතා, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික තාසිම් රෝහලේ වෛද්‍ය චින්තක හෙට්ටිආරච්චි මහතා, ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් විධායක සභික නීතීඥ රෝහන මද්දගේ මහතා, නීතීඥ දිල්රුක් ඉහළ කන්දගේ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය අනුව වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් එසේ උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේදී ගතානුගතික, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් මිදී විකල්ප ධාරාවක දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාවයත් එම සමුළුවේදී අවධාරණයට ලක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්