ජනාධිපතිට අවුරුදු 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ… මහින්දත් පිලිගනියි

පාර්ලිමේන්තුව පිහිටුවා අවුරුදු 4 1/2ක් යන තුරු එය විසුරුවා හැරීමේ කිසිදු බලයක් ජනාධිපතිවරයාට නැතැයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මෙම වසරේ (2018) පෙබරවාරි මස 11 වනදා එනම් මීට මාස 09කට පෙර බීබීසී සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් නැති බවත් එසේ විසුරුවන්නේනම් අවුරුදු 4 1/2ක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වන සේ යොදා ඇති වගන්තිය පාර්ලිමේන්තුව මගින් ඉවත් කර ගතයුතුව ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම වීඩියෝව පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn