සංචාරක කර්මාන්තයේ දැවැන්ත කඩාවැටීමක් – ගුවන් ගමන් අඩාල වන ලකුණු!

සංචාරක කර්මාන්තයේ දැවැන්ත කඩාවැටීමක් – ගුවන් ගමන් අඩාල වන ලකුණු!

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සැළකියයුතු අඩු වීමක් දක්නට ලැබෙන බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය ද පසුගියදා කියා සිටියේය.

මේ වනවිට මෙරටට සංචාරකයන් පැමිණෙන බොහෝ රටවල් සමග පැවැත්වෙන ගුවන් ගමන් වාර අවලංගු කිරිමට සිදුවන තත්වයට පත්ව ඇති බවත් වෙනදා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන මෙම කාලයට ගුවන් යානා හවුස් ෆුල් තත්වයේ පසුවන නමුත් මේ වනවිට සෑම ගුවන්වාරයකදිම ගුවන් යානයේ අඩකටත් වඩා අඩු පිරිසක් පමණක් ගමන් කිරීම සැළකියයුතු බරපතල තත්වයක් බවත් ගුවන් තොටුපොළ ආරංචිමාර්ග අනාවරණය කරයි.

පසුගිය ඔක්තොම්බර් 26වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්තා විරෝධී ලෙස සදාචාර විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් සිදු කළ කුමන්ත්‍රණය හේතුවෙන් මේ වනවිට රට තුළ දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙන අතර මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මෙරට සංචාරය කිරිමෙන් වලකින ලෙස එම රටවල පුරවැසියන්ට නිවේදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn