මෛත්‍රීගේ රෝ කතාව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ තහවුරු කරයි

මෛත්‍රීගේ රෝ කතාව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ තහවුරු කරයි

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා” යන ශීර්ෂය යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත තහවුරු කරමින් තමන් එම පුවත වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බව එන්. රාම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (රෝ සංවිධානය)’ තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යලය සහ තවත් පාර්ශ්ව කිහිපයක් නිවේදන නිකුත් කළ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණය කළේ ය.

‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

“අපගේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය ඇගේ ඒ ප්‍රවෘත්තිය පළ කිරිමට පෙර විවිධ ස්වාධීන මූලාශ්‍ර මගින් ඇය දැනගත් දෙය තහවුරු කරගෙන ඇත. ඔවුන් කියන ලද දෙය සඟවා ගැනීම සඳහා ඔවුන් තමන්ගේ අසාර්ථක ප්‍රතික්ෂේප කිරීම් කළාවේ. අපි අපේ වාර්තාකාරිනියගෙ නිවැරදි කරුණු වෙනුවෙන් පෙනී සිටිමු.”

Facebook
Twitter
LinkedIn