දූෂණ චෝදනාවකට වරදකරුවන්වීම හේතුවෙන් හිටපු චීන ජනරාල්වරුන් දෙදෙනෙකු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා දක්වයි.
අදාල ජනරාල්වරුන් වංක හා තණ්හාධිකව කටයුතු කර ඇති බවත් චීන හමුදාවේ කීර්තිනාමයට හානිකර ඇති බවත් චීනය සඳහන් කර ඇත.
චීනයේ පාලන බලය හොබවන කොමියුනිස්ට් පක්ෂය දක්වන ආකාරයට චීන හමුදාවේ ඉහළ ඒකකයකට අදාල නිලධාරීන් සම්බන්ධව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අදාල නිලධාරීන් දූෂණ චෝදනාවලට වරදකරුවන් බව සනාථවීම හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වේ.
19










