මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු ශීඝ්‍රගාමී දුම්රියක ගැටුණු වන අලි තිදෙනෙකු මියගොස් තිබේ. වැලිකන්ද වනජීවී කාර්යාලය පැවසුවේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ වන අලි ගැටී ඇති බවයි. ඒ අනුව වැලිකන්ද, නාමල්ගම, පුල්ලියාර්අඩි ප්‍රදේශයේදී ඊයේ(06) රාත්‍රී 9.40 ට පමණ දුම්රිය පීලි පැන තිබෙනවා.
දුම්රිය මැදිරි හතරක් පීලි පැන ඇති බවත් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බවත් වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 600ක් පමණ සිට ඇති අතර, එම පිරිසට බස් රථ යොදවා ප්‍රවාහන පහසුකම් සලසා ඇත.
5










